







on the flavor, taste and body of the tea.

කසල ඉවත් කිරීම
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක් සහ ට්‍රැක්ටර් රථ යොදවා ඇත.

අනුකූලතා සහතික
මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැලැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සදහාය. ගොඩනැගිල්ල ඉදි කල පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබා ගත යුතුය.

මහජන සෞඛ්‍යය
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ආහාර පාන වෙළද සැල් පරීක්ෂා කරමින් මහජන සෞඛ්‍යය හා සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදුකිරීම හා නියාමනය කිරීම.
ප්‍රතිපත්ති ප්රකාශනය
පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 41 සදහා පිහිටුවා ඇති එක් ප්‍රාදේශීය බලමණ්ඩලයක් වන්නේ පස්සර ප්‍රාදේශීය සභාවයි.මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, මහජන උපයෝගිතා සේවා පවත්වාගෙන යාම,පොදු මංමාවත් පිළිබඳ සියළු කටයුතු විධිමත් කිරීම, මහජනයාගේ පහසුකම් හා සුඛවිහරණ සුවපහසුව,සුභසාධනය කටයුතු පවත්වාගෙන යාම ප්‍රදේශයේ අලංකාරය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම පාලනය හා පරිපාලන කටයුතු කිරීම මෙම සභාව වෙත පැවරී ඇති කාර්යය හා කර්තව්‍ය වේ.
එබැවින් සභාවේ පරමාර්ථය වන්නේ ව්යවස්ථානුපිතව පැවරී ඇති උක්ත කාර්ය හා කර්තව්‍ය නීත්‍යානුකූලව හා වඩා ඵලදායී ලෙස ඉටු කිරීමයි.




ගරු සභාපතිතුමාගේ පණිවිඩය
පළාත් පාලන ආයතනයකින් ජනතාවට ලැබිය යුතු සේවය මනා ලෙස ලබාදීමේ අරමුණ සහිතව “යහපාලනය තුලින් විශිෂ්ඨ වූ පොදු සංවර්ධනයක්” යන දැක්ම තව දුරටත් සැබෑවක් වීම සඳහා මඟ පෑදීමට පස්සර ප්‍රාදේශීය සභාවේ සේවය කිරිම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙමි.
බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයට උරදෙන්නට බල ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබගේ මනාපයෙන් මා පත්කළේ ප්‍රදේශයේ සැබෑ සංවර්ධනයක් අපෙක්ෂාවෙන් බව මා දනිමි.එම සියළු අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් ප්‍රදේශවාසි ප්‍රජාවට පමණක් නොව දෛනිකව බල ප්‍රදේශයට සංක්‍රමණය වන සෑම දෙනාගේ සියළු කාර්යන් සඵල කර ගැනීමට අවශ්‍ය වන මූලික පහසුකම් ස්ථාපිත කිරීම මාගේ අරමුණයි.
ආර්.එම්.ඥාණතිලක
සභාපති
ප්‍රාදේශීය සභාව - පස්සර
සභා ලේකම්තුමියගේ පණිවිඩය
පස්සර බල ප්‍රදේශය නැමති වෘක්ෂයේ සංවර්ධනයේ මල් පිබිදෙමින් , පස්සර බල පෙදෙස ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් මනරම් නගරයක් බවට පත් කිරීමේ අධිෂ්ඨානය හමුවේ සේවා දායකයන්ට කාර්යක්ෂමව හා පහසුවෙන් කෙටි කාලයක් තුළ ඵලදායිව ඔවුන්ගේ උපයෝගිතා හා සේවා, මහජන සෞඛ්‍ය, පොදු මංමාවත් පරිපාලනය කරමින් බල ප්‍රදේශයේ පොදු ජනතාවගේ සුබ සිද්ධිය ජනතාවට සමීප කිරීමේ උත්තරීතර කාර්යයට දායක වීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි.
බහු වාර්ගික ,බහු ආගමික,බහු සංස්කෘතියක් ඇති බල ප්‍රදේශයක් තුළ ආගම, භාෂාව, සංස්කෘතිය, වාර්ගිකත්වය අනුව එකිනෙකාට ගරු කරමින් සහජීවනය පෙරටු කර ගනිමින් ඉතා සතුටින් ජනතාවට මහඟු මෙහෙවරක් සිදු කර බුද්ධිමත් ජනතාවක් හා සාරවත් බල ප්‍රදේශයක් බිහි කිරීම මාගේ පරමාර්ථයයි.
චතුරිකා සිමන්තිනි වැල්ලගේ
සභා ලේකම්
ප්‍රාදේශීය සභාව - පස්සර

නිවේදන හා පුවත්





