ආදාහනාගාරය

ආදාහනාගාරය


Portfolio Description
  • 0
  • ජූලි 5, 2022

මිලියන 60ක වියදමින් පස්සරට නව ආදාහනාගාරයක්
පස්සර නගරයට විශාල අඩුපාඩුවක්ව පැවති අලුතින් ඉදිකළ ආදාහනාගාරය විවෘත්ත කිරීම ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා අතින් සිදුවිය.

ඌව පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් මිලියන 60ක මුදලක් වැයකර පස්සර නගරයේ පොදු සුසාන භුමියේ අංගසම්පුර්ණ ආදාහනාගාරයක් ඉදිකර තිබේ.
පස්සර නගරය ආශ්‍රිත ජනතාවට පොදු සුසානභූමියක් තිබුණත් ආදාහනාගාරයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට බදුල්ලට ප්‍රදේශයට යෑමට සිදුවිය.

ආදාහනාගාරය ඉදිකිරීමත් සමග පස්සර, ලුණුගල, බඩල්කුඹුර, මඩොල්සිම, නමුණූකුල ඇතුළු ප්‍රදේශවල ජනතාවට මෙහිදි අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට පහසුව ලැබේ.

පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මියගේ සහ පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතාගේ උපදෙස් මත මෙම ආදාහනාරාරය ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.ඥානතිලක ඇතුළු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්විය.