ප්‍රතිපත්ති ප්‍රකාශනය

ප්‍රතිපත්ති ප්‍රකාශනය

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 41 සදහා පිහිටුවා ඇති එක් ප්‍රාදේශීය බලමණ්ඩලයක් වන්නේ පස්සර ප්‍රාදේශීය සභාවයි.මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, මහජන උපයෝගිතා සේවා පවත්වාගෙන යාම,පොදු මංමාවත් පිළිබඳ සියළු කටයුතු විධිමත් කිරීම, මහජනයාගේ පහසුකම් හා සුඛවිහරණ සුවපහසුව,සුභසාධනය කටයුතු පවත්වාගෙන යාම ප්‍රදේශයේ අලංකාරය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම පාලනය හා පරිපාලන කටයුතු කිරීම මෙම සභාව වෙත පැවරී ඇති කාර්යය හා කර්තව්‍ය වේ.

එබැවින් සභාවේ පරමාර්ථය වන්නේ ව්‍යවස්ථානුපිතව පැවරී ඇති උක්ත කාර්ය හා කර්තව්‍ය නීත්‍යානුකූලව හා වඩා ඵලදායී ලෙස ඉටු කිරීමයි.

  1.  ප්‍රාදේශීය සභා පනත අනුව පැවරී ඇති ලිඛිත නීතිවල විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම
  2.  වෙනත් ලිඛිත නීති යටතේ ප්‍රාදේශීය සභාවට ඇති විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම
  3.  බෝවන රෝග සහ වසංගත ඇතිවිම වැළැක්වීම
  4.  සෞඛ්‍ය අධ්‍යාපන , මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම
  5.  අන්තරාදායක හා අප්‍රසන්න වෙළඳ ව්‍යාපාර  විධිමත් කිරීම හා පාලනය කිරීම
  6.  ව්‍යාපාරික ස්ථානවල විකිණීම සදහා තබා ඇති දෑ වල තත්වය පරික්ෂාව
  7.  මහා මාර්ග කාණු පදික වේදිකා බෝක්කු දිය අගල් ආදිය ඉදිකිරීම හා නඩත්තුව
  8.  ගොඩනැගිලි හා ස්ථීර ඉදිකිරීම විධිමත් කිරීම හා පාලනය
  9.  පොදු වෙළඳපලවල් පිහිටුවා පවත්වාගෙන යාම
  10.  වීථි ආලෝකය සැලසීම හා නගර අලංකරණය
  11.  සුසාන භූමි හා ආදාහනාගාර පවත්වාගෙන යාම
  12.  උද්‍යාන හා එළිමහන් ස්ථාන පවත්වාගෙන යාම
  13.  පුස්තකාල සේවා පවත්වාගෙන යාම
  14.  මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම
  15.  ක්‍රීඩා පිටි ඇති කිරීම හා පවත්වාගෙන යාම
  16.  විවිධ කාර්යන් සඳහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම
  17.  පාරිසරික පවිත්‍රතාවය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම
  18.  සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමට ජල සම්පාදන සේවා පවත්වාගෙන යාම
  19.  මහජන සුඛවිහරණය සදහා ප්‍රාදේශීය සභා පනතේ ඉඩදී  ඇති සීමාව තුළ අවශ්‍යය කටයුතු සැලසීම
  20.  ජාතික සංවර්ධනයේ දී මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය සහාය ප්‍රාදේශිය සභාව මගින් සැළසීම
  21.  ප්‍රදේශයේ මහජනතාව ගෙවන බදු මුදලේ ප්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබා දීම, යනාදී සියල්ලන් අරමුණු කොට ඇත.