ඉතිහාසය

පස්සර ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය

පස්සර ප්‍රාදේශීය සභාව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 124.11කි.1964 වර්ෂයට පෙර ගම් සභාවක් ලෙස පැවති අතර 1964 දී පස්සර නගරය කේන්ද්‍ර කර ගනිමින් පස්සර සුළු නගර සභාව ආරම්භ කරන ලදී.1980 වන තෙක් පස්සර සුළු නගර සභාව පැවති අතර 1980න් පසු බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාව ස්ථාපිත වූ අතර පස්සර උප නගරයක් ලෙස නම් කරනු ලැබීය.එමෙන්ම පස්සර කොට්ඨාසයේ තිබූ ලුණුගල සුළු නගර සභාව පස්සර ගම් සභාව මඩොල්සිම ගම් සභාව මැටිගහතැන්න ගම් සභාව පට්ටිපොල ගම් සභාව ආදිය සංවර්ධන සභා උප කාර්යාල බවට පත්විය.                                         පස්සර හා ලුණුගල  සුළු නගර සභා දෙකද,පස්සර ගම් සභාව,මඩොල්සිම ගම් සභාව,මැටිගහතැන්න ගම් සභාව හා පට්ටිපොල ගම් සභාව යන ආයතන සියල්ල එකතු කොට 1987 අංක 15 දරන පනත අනුව පිහිටුවීමත් සමඟ පස්සර ප්‍රාදේශීය සභාව ස්ථාපිත කරන ලදී.මේ ආකාරයට විකාශනය වූ පස්සර ප්‍රාදේශීය සභාව  1987 අංක 15 දරණ පනතින් පිහිටවූවත් 1991 වර්ෂය දක්වාම පරිපාලන කටයුතු සිදුකරන ලද්දේ විශේෂ කොමසාරිස් වරයකු යටතේය. 1991  වර්ෂයේ පළාත් පාලන මැතිවරණය පැවති අතර ප්‍රථම සභාවේ අභිනව සභාපති වූයේ ගරු සුනිල් සමරතුංග මැතිතුමාය.මංගල සභාවේ මන්ත්‍රිවරු සංඛ්‍යාව 22කි.ප්‍රථම සභාව 1997 දක්වා පැවති අතර දෙවන සභාව 1997 සිට 2002 දක්වාද තෙවන සභාව 2002 සිට 2006 දක්වාද පැවතිණි.එම සභා දෙකෙහිම සභාපති ධුරය හෙබවූයේ ගරු සුනිල් යසනායක මැතිතුමාය.සිව්වන සභා කාලය 2006 සිට 2011 දක්වා පැවති අතර එහි සභාපති ධූරය දරන ලද්දේ ගරු ආනන්ද එම්.ටී.කේ. ද සිල්වා මැතිතුමාය.මේ ආකාරයට පැවති පස්සර ප්‍රාදේශීය සභාව 2011.04.01 දින සිට පස්සර ලුණුගල ලෙස ප්‍රාදේශීය සභා දෙකක් බවට පත්විය.මෙම වෙනසත් සමඟ මන්ත්‍රි ධුර සම සමව එනම් 11 බැගින් සභා දෙකටම හිමි විය.2011 පැවත් වූ ප්‍රාදේශිය සභා මැතිවරණයේ දී පස්සර ප්‍රාදේශීය සභාව හා ලුණුගල ප්‍රාදේශීය සභාව වෙන වෙනම ඉදිරිපත් වූ අතර එම සභාව 2015 දක්වා පැවතුණි.එම සභාවේ සභාපති ධූරය දරන ලද්දේ ගරු එම්.ඒ.කාදර් මැතිතුමාය. 2015 සිට 2018 දක්වා විශේෂ කොමසාරිස් වරයකු යටතේ පාලනය වූ පස්සර ප්‍රාදේශීය සභාව 2018 වර්ෂ යේ පැවත් වූ ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී සභිකයන් 23 දෙනෙක් පත් වූ අතර වර්තමාන සභාවේ සභාපති ධූරය හොබවනු ලබන්නේ ආර්.එම්.ඥාණතිලක මැතිතුමාය. මෙම බල ප්‍රදේශය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර මේ දක්වා විවිධ දේශපාලන අධිකාරියන් යටතේ පාලනය කරමින් ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂ මෙහෙවරක් කර ඇත. දැනට මෙහි ජනගහනය 56861ක් පමණ වේ.දැනට පස්සර ප්‍රාදේශීය සභාවේ ස්ථීර කාර්ය මණ්ඩලය 114 ක් වන අතර ආදේශක කාර්ය මණ්ඩලය 13ක් වේ