පුරවැසි ප්‍රඥප්තිය

පුරවැසි ප්‍රඥප්තිය

පුරවැසි ප්‍රඥප්තිය යනු ප්‍රාදේශිය සභා හා පුරවැසියන් අතර ඇති වන්නා වු යුතුකම් හා වගකීම පිළිබද පොදු ගිවිසුමකි.

පුරවැසි ප්‍රඥප්තියේ අපේක්ෂිත ප්‍රතිලාභ

  1. ප්‍රාදේශිය සභාවේ මූලික සේවාවන් හා තොරතුරු පිළිබද දැනුවත් කිරිම
  2. පුරවැසි ප්‍රඥප්තිය මගින් ප්‍රාදේශිය සභාවේ වගකීම වර්ධනය වීම
  3. මහජන පැමිණිලි හා දුක්ගැනවිලි සදහා කාර්යක්ෂම ක්‍රමවේදයක් ස්ථාපිත කිරිම
  4. පුරවැසියන්ගේ වගකීම හා යුතුකම පිළිබද දැනුවත් කිරිම.

අපගේ කැපවීම

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ විධිවිධානයන්ට අනුකූලව පරිපාලන හා සංවර්ධනයන කටයුතුවලට අදාලව තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ජනතාවට පළාත් මට්ටමින් ඵලදායි ලෙස සහභාගි වීම සදහා වැඩි අවස්ථා සලසා දීමේ අරමුණු ඇති ව විශිෂ්ඨ සමාජ මෙහෙවරක් උදෙසා මෙම ප්‍රඥප්තියෙන් ප්‍රතිඥා දෙමි.

අපෙන් ඔබට සුවිසල් මෙහෙවරක්

අප බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ පහසුව හා සුභ සාධනට සහ සියළු පහසුකම් ආරක්ෂා කරමින් මහජන සෞඛ්‍ය පොදු උපයෝගිතා සේවාවන් හා පොදු මංමාවත් ආදි සියළු කරුණු විධිමත් කිරිම පාලනය කිරිමට හා පරිපාලනය කිරිමට අප බැදී සිටින්නෙමු.

මෙම සේවාවන් ඉටු කිරිම සදහා අවශ්‍ය ලියකියවිලි හා අවශ්‍යතාවයන් පිළිබද සවිස්තරාත්මක උපදෙස් පත්‍රිකාව සහ අදාළ ඉල්ලුම්‍ පත්‍ර අප පෙරටු කාර්යාලයෙන් ලබා ගත හැකිය.

අප වෙනුවෙන් ඔබ,

  • සේවාවන්ට අදාළ ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛණ ලබා දීම.
  • බල ප්‍රදේශයේ පොදු අවශ්‍යතාවන් වෙනුවෙන් සභාව විසින් කැදවනු ලබන රැස්වීම් හා සාකච්ඡා ආදි අවස්ථාවලදි සහභාගිත්වය ලබා දීම
  • සභාවට ගෙවිය යුතු බදු හා ගාස්තු නිසි පරිදි ගෙවීම
  • අක්‍රමවත් ලෙස කසල බැහැර කිරිමෙන් වැලකීම
  • යම් ඉදිකිරිමක් සිදු කරන්නේ නම් ඒ පිළිබද සභාව දැනුවත් කර අදාළ අනුමැතිය ලබා ගැනීම
  • අප බල ප්‍රදේශයේ පොදු මංමාවත් , ප්‍රජා ශාලා , වීදි ලාම්පු, සුසාන භූමි, ක්‍රීඩා භූමි, ළමා උද්‍යාන ආදි පොදු දේපළ ආරක්ෂා කිරිම හා නඩත්තුව සදහා සහයෝගය ලබා දීම.
  • සභාව මගින් ඉටු කරනු ලබන ප්‍රජා දායකත්වය සහිත සංවර්ධන කාර්යන් ඉටු කිරිමේ දි ඔබගේ දායකත්වය ලබා දිම.
  • ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම
  • කුලියට ලබා ගන්නා ප්‍රාදේශීය සභා උපකරණ හා යන්ත්‍ර ආරක්ෂා කරඅවශ්‍යතාවය ඉටු කර ගත් පසු හැකි ඉක්මනින් යන්ත්‍ර හා උපකරණ ආපසු භාර දීම